Monday, December 3, 2012

කොහොමද උසස්පෙළට විෂයක් තෝර ගන්නේ?



ආදරණිය නංගියේ මල්ලියේ දැන් ඔයාල ඔයාලගේ ජිවිතේ වැදගත්ම කඩඉම පහු කරලා ඉවරයි. ගොඩක් අයට සතුටු දායක ප්‍රතිපල ලැබෙන්න ඇති කියල හිතෙනවා. එහෙම නැතිවුනා කියලා සැලෙන්න එපා. ජීවිතේ කියන්නේ විභාගේ විතරක්ම නෙමේ. එයාලට නම් තියන හොදම වැඩේ තමයි ආපහු මහන්සි වෙලා විභාගේ ලියන එක. මොකද විභාගේ වටිනාකම තේරෙන්නේ ජොබ් ඉන්ටවිව් එකකට ගියාම. හොදයි මම මේ කතා කරන්න යන්නේ සාමාන්‍යපෙළ පාස් වෙලා උසස්පෙළට මොකක් කරනවද කියල හිතා ගන්න බැරුව දුක් විදින අපේ නංගිලා මල්ලිලාට. අර ෆේල් වෙලා දුක් විදින අය අමතක කළා නෙමේ, එයාලටත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. එයාලටත් බෙහෙත් තියනවා. පාස් උන අය  දැන්  වැට උඩ ඉන්න වෙලාව. සමහරු නම්  විභාගේ ලියල ඉවර උන දවසේ ඉදලම උසස්පෙළට පන්ති යනවා විෂයක් තොර ගෙන. කව්රුත් එක වගේ නෑ නේ නේද? මේ කතාව කියන්නේ විෂයක් තෝර ගන්න බැරුව ඉන්න අයට.

අම්මා, තාත්තා, අක්කා,අයියා, එහා ගෙදර ඇන්ටි, එහේ අක්කා, ඔයාගේ යාළුවො, ඔයාගේ නෑදෑයෝ වගේ මේ හැම කෙනෙක්ම ඔයාට මේ දවස වල උපදෙස් දෙනවා. සමහරවිට දැන් ඔයාට එපා වෙලා ඇති. අරක කරන්න, මේක කරන්න, අරක කරොත් නම්බුයි වගේ එක එක කතා නේද? මට මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්නකෝ?

01. කව්ද උසස්පෙළ ලියන්නේ? (ඔයාද නැත්නම් උපදෙස් දෙන අයද?)

02. එයාල කියන දේවල් කරලා මට කෙළ උනොත් එයාල වගකියනවද? වරද මගේ ඇගේ ගහල මටම හිනා වෙයිද?

මට හිතෙන්නේ ඔයාට තේරෙන්න ඇති කියලයි. ඔයාගේ ජීවිතේට වග කියන්න ඕනේ ඔයා. ඔයාගේ  ජීවිතේ ගන්න තීරණ වල වගකීම ඔයා සතුයි. එයින් ලබන ප්‍රතිපලයද ඔයා සතුයි. කොටින්ම කිව්වොත්  ඔයා ලබන ප්‍රතිපලය හොද එකක්ද නරක එකක්ද කියල තීරණය කරන්න ඕන ඔයාමයි. මතකද පුංචිකාලේ ඔයාගෙන් “ඔයා කව්රු වෙන්නද කැමති?” කියල මොන්ටිසෝරි ටීචර් ඔයාගෙන් ඇහුවාම ඔයා දීපු උත්තරේ? දොස්තර කෙනෙක්, ටීචර් කෙනෙක්, ඉංජිනේරුවෙක්. අපි හිතන හිටියේ මේ තමයි ලෝකේ කරන්න තියන හොදම රස්සාවල් කියල. ඔයාල හීන දැක්කා….. ඒ හීන වෙනුවෙන් ඔයාල මොකද කලේ කියල මම ඔයාලගෙන් ඇහුවොත්? මොකක්ද ඔයාල දෙන උත්තරේ? ගොඩක් අය කියයි ඒ කාලේ පොඩි කමට , නොතේරෙන කමට, දන්න රස්සාව ගැන කියල ශේප් උනා දැන් තමයි තේරෙන්නේ  කියල. හොදයි මම ඒක පිළිගන්නම් කෝ … දැන් ඔයා ලොකුයි මේ ලෝකේ මොන වගේ තැනක්ද? මේ සමාජය මොන වගේද කියල එදාට වඩා දහස් ගුණයක් හොදට ඔයාට තේරෙනවා. අර මුලින් කියපු රස්සා වලට වඩා පිළිගැනීමක් තියන හොද රැකියා මේ ලෝකේ තියනවා කියල දැන් ඔයා දන්නවා. විභාගේ හොදට පාස් වෙන්නේ ගෙදරට වෙලා වම්බටු හිටවන්න නෙමෙයි නේ. හොද රස්සාවක් කරලා හොද පුද්ගලයෙක් විදියට මේ සාමාජේ ජිවත් වෙන්න. ඒක තමයි අපි කාගේත් අරමුණ. දැන් තීරණය කරන්න…

මම මොකක්ද කරන රස්සාව? නැත්නම් අනාගතේ මම කව්ද වෙන්නේ?

හොදට හිතන්න, හොදට, තව හොදට, ………………
හිතුවද? හිතුනද? හිතා ගත්තද? හිතා ගන්න බැරිද? මම මුලින්ම කිව්වනේ ඔයාගේ ජීවිතේ ගන්න තීරණ වලට වගකියන්න ඕනේ ඔයා. බැරිමනම්, අහන්න සාස්තර, බලන්න කේන්දරේ මේවා විහිලු නෙමේ. එහෙමත් ගොඩ ගියපු අය ඉන්නවා. කොහොම හරි ඒ තීරණේ ගන්න.  නිවැරදි ඉලක්කයක් නිර්මාණය කර ගැනීමේ වගකීම ඔබ සතුයි. හරියට ගොවියෙක් ඊලග කන්නේ තමන්ගේ ඵලදාව ගැන ඉලක්ක තියා ගන්නවා වගේ. එයා එයාගේ ඉලක්කය වෙනුවෙන් කැපවීම් කරනවා, මහන්සි වෙලා වැඩ කරනවා, දුක් විදිනවා මෙහෙම වැඩ කටයුතු කරන ගොවි මහත්තයා ඔහුගේ ඉලක්ක ජය ගන්නවා. හැබැයි නංගියේ මල්ලියේ ගොවි මහත්තයා ඉලක්කේ විතරක් හිතල කම්මැලිකමට හිටියොත් එයාට කවමදාකවත් මේ ඉලක්කේ ජය ගන්න බෑ. ඔයාට අවශ්‍ය දේ වෙනුවෙන් කැප වෙන්න, මහන්සි වෙන්න, දුක් විදින්න ඔයා ලැස්ති වෙන්න. මොකද අතරමගදී තීරණ වෙනස් කරන්න බෑ. එහෙම උනොත් ඔයා පරදිනවා. අපේ වචනයෙන් කියනවා නම් ඔයා අනාථ වෙනවා.

දැන් බලමු අනාථ නොවී කොහොමද විෂයක් තෝර ගන්නේ කියල. උදාහරණයක් කියන්නම් ඔයාට ඕනේ ගුරුවරයෙක් වෙන්න. ඒ තමයි ඔයාගේ ඉලක්කය. ඔයා කැමතියි ළමයින්ට උගන්වන්න, ළමයින්ගේ ජයග්‍රහණ දැකල සතුටු වෙන්න. කොටින්ම කිව්වොත් ගුරුවරයෙක් නූනොත් ඉදල වැඩක නෑ කියන ඉස්තාවරේ තමයි ඔයා ඉන්න ඕන. මතකයි නේ ඉලක්කය ප්‍රබලව තියා ගන්න. ඒක ප්‍රබල වෙන තරමට‍  ඔයාට ඒකට කිට්ටු වෙන්න ලේසියි. ඒ වගේම ඉලක්ක හදා ගනිද්දී තමන්ගේ සහජ දක්ෂතාවයත් හැකියාවන් ගැනත් අවදානය යොමු කරන්න. ඊලග පියවර තමයි කොහොමද මම ගුරුවයෙක් වෙන්නේ? ගුරුවරයෙක් වෙනවනම් ඔයාට යන්න පාරක් තියනවා. ඒ පාර හොයා ගන්න. දන්න හැමකෙනාගෙන්ම අහන්න කොහොමද මට මේ තැනට යන්න පුළුවන් කියල. සමහරු කියයි, සමහරු බනිවි. මේවට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කලින්ම. ඔයාට විස්තර දන ගන්නව නම් හොදම අය තමයි ඔයාට උගන්වපු ගුරුවරු. ගුරුවරු කිව්වාම මතක උනේ උසස්පෙළ පන්ති වලට මුල්ම දවසේ ගියාම ගුරුවරු මවන හීන මාලිගා වල  අතරමං වෙන්න එපා. හැම පන්තියකටම යන්න , හැම විෂයකටම ගිහින් බලන්න එයාල කියන්නේ මොනවද කියල. ෆයිල් කවර එහෙමත් හම්බ වෙන නිසා ගියා කියල පාඩු නෑ. මොකද ෆයිල් කවර අනාගතේට වටිනවා. හරි හරි අපහු කතාවට එමුකො. උසස් පෙළ විභාගේ වැදගත්ම සාදකය තමයි Z  ලකුණු කියන්නේ. ඒක හැදෙන්නේ කොහොමද?,  ඒක වෙනස් වෙන්නේ කොහොමද? , මොකක්ද මේ Z එක කියල ගුරුවරුන්ගෙන් අහන්න. මොකද ඒක ගොඩක් වැදගත්.විශේෂයෙන්ම කැම්පස් යන්න බලාගෙනම උසස්පෙළ කරන අයට. හොදයි දැන් ගුරු සිහිනය තියන ළමයා හොද  Zලකුණක් ගන්න පුළුවන් විෂයක් බලලා විෂයක් තෝර ගෙන බැහැලාම වැඩ කරනවා. අනිවාර්යෙන් ඔහු දිනනවා. ඉතින් මේ වගේ ඔයත් ඔයාගේ අනාගතේ තීරණය කරන්න.  මහන්සි වෙන්න, කැපවෙන්න, දුක් විදින්න තමන්ගේ අරමුණ වෙනුවෙන්. ඔයා තෝර ගත්තු විෂය හරි කියල ලෝකෙටම ඔප්පු කරලා පෙන්වන්න. අද ඔයාට බනින අයට හිනාවෙලා රිසාල්ට් කියන දවසක් එනවාමයි.නිතිය මේකයි.

ඔබ විශ්වාස කරන්නේ කුමක්ද? එය ඔබට කලහැක.

ඔයාට මේ සම්බන්දව තියන ඕනෑම ගැටළුවක් කමෙන්ට් එකක් විදියට දාන්න. එහෙනම් ඔබට සදා ජය…!

0 comments:

Post a Comment