Friday, December 28, 2012

Windows 8 වලටත් අපිට පුරුදු Start Menu එක දා ගමුද?

                                                Windows 8 ගොඩක් දෙනෙක් කතාකරන මාතෘකාවක් මේ දවස්වල. වින්ඩෝස් වලට ආදරේ කරන හැම දෙනෙක්ම නිකමට හරි මේ Windows 8 ගැන කතා වෙනවා. මොකද අනිත් හැම දේකටම වඩා මේක ටිකක් වෙනස්. ප්‍රධානම සහ අපිට හොදටම දැනෙන දේ තමයි ස්ටාර්ට් මෙනු එක මේ මෙහෙයුම් පද්දතියේ නෑ. 

                                    මම මුලින්ම Windows 8 පාවිච්ච් කරන්න පටන්ගනිපු දවස් වල නම් මට ඔය ටයිල් සිස්ටම් එක එපා වෙලා තිබුනේ. පුරුදු නෑ නේ. Windows 8 අයින් කරලා ආපහු Windows 7 වලට මාරු වෙන්න හිතුනු වාර අනන්තයි. ඒත් ඉතින් මම බැදගත්තු බෙරේ ගහන්න තීරණය කලා. ඒ කියන්නනේ මම Windows 8 අමාරුවෙන් හරි පාවිච්චි කලා. ඔය අතරේ මට යාලුවෙක් කිව්වා පරණ ස්ටාර්ට් මෙනු එක Windows 8 වලටත් දා ගන්න පුලුවන් කියලා. ඒ ගැන හොයලා හෙයලා කොහොම හරි මම හොයා ගත්තා වැඩේ මොකක්ද කියලා. 

                          මේකත් පොඩි Software කෑල්ලක්. ඔයාට කරන්න තියෙන්නේ Install කරන්න විතරයි. ඔයාට පුලුවන් විවිධ ටෙම්ප්ලේට් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය විදියේ ස්ටාර්ට් මෙනු එකක් Install කර ගන්න. උදාහරණයක් කියනවනම් මම දා ගත්තේ විස්ටා වලදි අපිට ලැබෙන ස්ටාර්ට් මෙනු එක.  බලන්නකෝ පහලින් තියන වීඩියෝ එක. මේ වීඩියෝ එක බලද්දි ඔයාට අවශ්‍ය වෙන ලිංක් මම පහලින් දීලා තියනවා.

මේ සම්බන්ද වැඩිදුර තොරතුරු තියන .PDF File එක මෙතනින් Download කරගන්න.


මේ තියෙන්නේ මම භාවිතා කරපු ස්ටාර්ට් මෙනු එකේ ලිංක් එක. 



ඔයාට වෙනස් විදියේ ස්ටාර්ට් මෙනු ඕන නම් මෙතනින් කැමති ඒවයින් තෝරගන්න.
  
http://www.lee-soft.com/skins/startmenu_skins_1.html
 


මෙන්න වීඩියෝ එකකුත් තියනවා. බලන්නකෝ...




මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!

0 comments:

Post a Comment