Tuesday, December 25, 2012

සිංහලෙන් ටයිපින් ලේසියෙන්(සියල්ල මුල සිට සරලව)




                කව්රුත් කැමැතියි තමන්ගේ මවු භාෂාව හැම දේටම  පාවිච්චි කරන්න. සිංහල කියන්නේ බොහොම වටිනා භාෂාවක්. ඒක නිසා සිංහල භාෂාවට ගොඩක් දෙනෙක් ගරු කරනවා, ආඩම්බර වෙනවා. කව්රුත් අහන, කාටත් ප්‍රශ්නයක් වුනදෙයක් තමයි මේ සිංහලෙන් ටයිප් කරන්නේ කොහොමද කියන එක. මොකද කී බෝර්ඩ් එකේ සිංහල අකුරු තියන තැන් මතක තියාගෙන සිංහල ටයිප් කරන එක ලේසි වැඩක් නෙමේ. හැබැයි ටයිප් සෙටින් වැඩ කරන අක්කලා නම් කී බෝර්ඩ් එක දිහා බලන්නේවත් නැතුව මේ වැඩේ කරනවා. වෙලාවකට ඉරිසියාත් හිතෙනවා බලන ඉන්නකොට ට්කක් වෙලා. මෙන්න මේ ප්‍රශ්න වලට විසදුම් විදියට තමයි SMS ටයිප් කරන විදියට ටයිප් කලාම සිංහලෙන් අකුරු ටයිප් වෙන සිස්ටම් එකක් බිහි උනේ. SMS ටයිප් කරන වැඩේ නම් අපේ අයට අමුතුවෙන් කියල දෙන්න ඕනි නෑ නේ? උදාහරණයක් අරන් බලමුකෝ මේ සිස්ටම් ඒක ගැන.

"mama gedara awa wasthuwe"  කියල SMS විදියට අපි ටයිප් කරාම "මම ගෙදර ආව වස්තුවේ" කියල සිංහලට හැරවෙනවා. ඔයා ඉංග්‍රීසි අකුරු වලින් වචනේ ටයිප් කරාම සිංහලට හැරෙනවා. හරිම ලේසි වැඩක් තියෙන්නේ. මේක කරන්න ක්‍රම ගොඩක් තියනවා. අපි බලමු එකින් එක ඒ මොනවද කියල.

ඒවා මොනවද කියල බලන්න කලින් සිංහල යුනිකෝඩ් ඔයාගේ පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කර ගන්න ඕන. පහල පින්තුරේ උඩ ක්ලික් කරලා සිංහල යුනිකෝඩ් ඔයාගේ පරිගණකයේ ඉස්තාපනය කර ගන්න. පහල තියන වෙබ් අඩවියට පිවිසීමෙන් පසුව.,  ඔයාගේ පරිගණකයේ තියන ඔපරේටින් සිස්ටම් එකේ නම තියන පින්තුරේ උඩ ක්ලික් කරලා සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරගන්න.

 

ඔයා මේ Download කර ගනිපු සියබස මෘදුකාංගය භාවිතයෙනුත් ඔයාට සිංහල ටයිප් කරන්න පුලුවන්. හැබැයි අර මම කලින් කියපු  SMS විදියට නම් නෙමෙයි. විජේසේකර යතුරු පුවරුවෙ විදියට. වැඩේ ලේසියි. ඉන්ස්ට්‍රෝල් වෙලා ඉවර උනාම ටාක්ස් බා එකෙන් තෝරන්න විතරයි තියෙන්නේ මේ වගේ. ඊට පස්සේ ටයිප් කරන්නයි තියෙන්නේ.


01.Singlish මෘදුකාංගය.



මම මුලින් කිව්වා වගේ ඔයා SMS ටයිප් කරන විදියට උඩ කොටුව ඇතුලේ ඉංග්‍රීසියෙන්  ටයිප් කලාම සිංහලෙන් අකුරු පහල කොටුවේ ටයිප් වෙනවා. මේක පොඩි Software  එකක්. මේක ලංකාවේ අපේම නිර්මාණයක්. (අපේ කිව්වට සංහිද අපේ නෙමෙයි) මම කලින් කියපු විදියට ටයිප් කරලා ඔයාට අවශ්‍ය තැනට කොපි කරන එක තමයි කරන්න තියෙන්නේ. ටිකක් කරදරයි වගේ තමයි. ඒත් ගොඩක් වටිනවා. මේක ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනේ නෑ. "Sanhida" කියන ෆෝල්ඩර් එක ඔයා කැමති පාටිෂන් එකකට  කොපි කරන්න. ඊට පස්සේ  ඒ ෆෝල්ඩර් එක ඕපන් කරලා "Singlish" කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.පොඩි කොටු දෙකක් එක්ක වින්ඩෝ එකක් එයි. දැන් ඔයාට ඕනෙම දෙයක් ටයිප් කරගන්න ඔයාට පුළුවන්. අකුරු වලට අදාළ කී මොනවද කියන එක දැන ගන්න "Help" කියන ෆෝල්ඩර් එකට යන්න. ඔයාට අවශ්‍ය හැම විස්තරයක්ම ඒකෙ තියනවා. Singlish Software එක පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.


02.සිංහල වදන් සකසනය (Sinhala word processor).

මේ සොෆ්ට්වෙයා එකත මුලින්ම මම ඔයාට දීපු සොෆ්ට්වෙයා එක වගේමයි. ලොකු වෙනසක් නෑ. මේක නම් තියෙන්නේ ඉන්ස්ට්‍රෝල් කරන්න.


මේක ගැන වැඩි විස්තර මේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්.  මෙතන ක්ලික් කරන්න. මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් පහල ලින්ක් ඒකෙන්.


03.Real Time Unicode Converter/යුනිකෝඩ් එසැණින් පරිවර්තකය.

මේක ඔන්ලයින් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් වෙබ් අඩවියක් කිව්වොත් නිවැරදියි. මේ සදහා අන්තර්ජාල පහසුකම ඔයාගේ පරිගණකයේ තියන එක අනිවාර්යයි. වැඩි කතා ඕන නෑ. ගිහින් බලන්නකෝ මේ ලින්ක් එකෙන්.



 

මේකට අදාළ ෆොන්ට් ඔයාගේ පරිගනකෙයේ නැත්නම් සිංහල අකුරු පෙන්වන එකක් නෑ සමහරවිට. පහළ තියන ලින්ක් එකෙන් ෆොන්ට් ඩව්න්ලෝඩ් කර ගන්න.


ඒ වගේම තමයි මේ වෙබ් අඩවියෙන් අපිට පුළුවන් අකුරු ට්‍රාන්ස්ලේට් කරන්න. මෙන්න මේ වගේ.
  • DL-Manel-bold. --> Unicode
  • kaputadotcom --> Unicode
  • FM Abhaya --> Unicode
  • Thibus Sinhala --> Unicode
  • Amalee --> Unicode
  • Unicode --> DL-Manel-bold.
  • Unicode --> kaputadotcom
  • Unicode --> Tipitaka_Sinhala1
  • Bamini --> Unicode
  • Unicode --> Bamini
  • SinGlish transliterated --> Sinhala Unicode
  • SinGlish (Phonetic) transliterated --> Sinhala Unicode
  • TanGlish (Phonetic) transliterated --> Tamil Unicode
ඔයාගේ අවශ්‍යතාවයේ හැටියට ඕනෙම ඔප්ෂන් එකක් තොර ගන්න ඔයාට පුළුවන්. ඒකට පහල ලින්ක් එකෙන් යන්නකෝ.

04.Google Transliteration මගින් සිංහල ටයිප් කිරීම.


මේක ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ක්‍රමයක්. මේකත් SMS විදියට ටයිප් කරාම ලේසියෙන්ම සිංහලට හැරවෙනවා.
මෙන්න Google Transliteration වල ලින්ක් එක. මෙතනින් ඩව්නලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න -:  

http://www.google.lk/inputtools/windows/



ඔයාලගේ com එකේ Iskoolapota කියන ෆොන්ට් එක නැත්තන්
මෙතනින් ගන්න.


Install කරලා ඉවර උනාම මෙන්න මේ විදියට ඔයාගේ ටාක්ස් බා එක ලග පොඩි කොටුවක් එයි. එතනින් ඔයාට අවශ්‍ය භාෂාව තෝරගෙන sms විදියට ටයිප් කරන්න. මේකේ ශෝට් කට් කී එක Shift + Alt   .

 පොස්ට් එක ගැන හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් අහන්න. ෆේස්බුක් කමෙන්ට් එකක් දාන්න පහලට ගිහින්.

05.RSinglish මගින් සිංහලෙන් ටයිප් කිරීම.


සිංහල  යුනිකෝඩ් ලංකාවේ අපි අතර ජනප්‍රිය වීමත් එක්ක ලේසියෙන් සිංහල ටයිප් කරන්න පුළුවන් ක්‍රම ගැන ලොකු අවදානයක් යොමු උනා. ඒ අතර බිහි උන හොද නිර්මාණයක් තමයි මේ දැන් මම ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ.මේක තමයි දැනට ප්‍රසිද්දම මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය පහලින්  ඩව්න්ලෝඩ්  කරගන්න ඔයාට පුළුවන්.

ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව Scroll Lock එක එඹීමේන් සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් ලේසියෙන්ම...........මේකත් සින්ග්ලිශ් ආකාරයෙන් ටයිප් කිරීමට හැකි නිසා සහ කොපි පේස්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා අමතර වාසියක්ද සැලසෙනවා.........ඊට අමතරව මෙමගින් මයික්‍රසොෆ්ට් වර්ඩ් වල උනත් එක එල්ලේ ටයිප් කරන්න දැන් ඔයාට පුළුවන්.

06.Addones මගින් සිංහල ටයිප් කරමු.


මේකත් සින්ග්ලිශ් ක්‍රමේට ටයිප් කරන ක්‍රමයක්.........ෆයර්ෆොස් පාවිච්චි කරන අයට සහ ක්‍රෝම් පාවිච්චි කරන අයන මේ සදහා අවශ්‍ය වන ඇඩෝන් ඉන්ස්ටෝල් කරගෙන පහසුවෙන්ම ටයිප් කරන්න පුලුවන්. මේකෙදි වෙන එකම පාඩුව තමයි අදාල වෙබ් බ්‍රව්සරේදී පමනක් සිංහල ටයිප් කිරීමට හැකිවීම..........අන්තර්ජාලයේදී ඉන්නකොට සිංහලෙන් ටයිප් කරන්න ඕන උනොත් කරන්න තියෙන හොදම ක්‍රමේ තමයි මේ ඇඩෝන් ක්‍රමේ............


ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අය මෙතනින් ගිහින් අදාල ගොනුව බාගත කරගෙන බ්‍රව්සරේට Drag & Drop කරන්න.........එවිට අදාල මෘදුකාන්ගය ඉන්ස්ටෝල් වේවි.........ඉන්පසුව බ්‍රව්සරය රීස්ටාර්ට් කිරීමේන් අනතුරුව ඇඩෝන් බාර් එකේ ඇති EN අකුර මත ක්ලික් කර සි බවට පරිවර්තනය කර සින්ග්ලිශ් ආකාරයට ටයිප් කරන්න පුළුවන්.

ක්‍රෝමි පාවිච්චි කරන අය මෙතනින් ගිහින් ඒක ඉන්ස්ටෝල් කරගන්න.............


පොස්ට් එකනම් ටිකක් දිග වැඩි උනා වගේ. ඒ උනාට ගොඩක් අයට තේරුම් ගන්න පුළුවන් විදියට ලියපු නිසා ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනවා. ඉතින් නොදන්න, නොතේරෙන දෙයක් එහෙම තියනවනම් අහන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමු වෙමු.
ජයවේවා....!

0 comments:

Post a Comment