Monday, December 3, 2012

කව්ද මේ අද්නාන් සාමි ?

කව්ද මේ අද්නාන් සාමි කියන්නේ? ඔයාල ගොඩක් දෙනෙක් මෙයා ගැන නමින් නොදන්නව උනාට මෙයාගේ සීන්දු නම් අහල, රස විදලා ඇති. “අවසාන මොහොත මාගේ (බාචි ගේ)” මේ සින්දුව  මතකද?  මේක අමතක වෙන්න විදියක් නෑ. මොකද මේ සින්දුව බොහොම ජනප්‍රිය උනානේ. හැබැයි බාචි සුසාන් මේ සින්දුවේ තනුව අරන් තියෙන්නේ මම මේ කියන අද්නාන් සාමිගෙන්. දැන් දන්නවනේ කව්ද කෙනා කියල. සිංහල සින්දුව වගේම හින්දි සින්දුවත් ගොඩක් ජනප්‍රියයි. අර්ශාද් සාමි ඛාන් තමයි මෙයාගේ මුල් නම. මෙයා ඉස්සර ගොඩක් මහතයි. දැන් නම් එයාමද කියල අදුර ගන්න බැරි තරමට කෙට්ටුයි. පහලින් දාල තියන පින්තුරේ දැක්කම ඒක ඔයාට පෙනෙයි. ගොඩක් අයට තියන ගැටළුවක් තමයි බර වැඩිකම,මහත වැඩිකම ඉතින් ඒ අයට ආදර්ශයට ගන්න පුළුවන් මෙයාව. මේ විදියට ඇග හදා ගන්න එයා ගොඩක් කැප කිරීම කරලා තියනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ අරමුණු වෙනුවෙන් කැපකිරීම් කරන්න ඔයාලටත් හොද ප්‍රතිපල ලැබෙයි. අරමුණ කිව්වම ඉතින් ඇග හදා ගන්න එක විතරක්ම නෙමේ. ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා මම අද්නාන් සාමිගේ සීන්දු 2ක් දානවා. බලන්නකෝ එයාගේ හැකියාව.



මේ තියෙන්නේ අවසාන මොහොත මාගේ සින්දුවේ හින්දි වර්ෂන් එක.

DIL KEH RAHA ( ADNAN SAMI KHAN )

Adnan Sami Khan – Sun Zara

0 comments:

Post a Comment