Monday, December 3, 2012

හැදිච්චි කොල්ලෙකුට සිකරට් එකක් කල හදිය…



අද ඉරිද දවස. දවසෙම මැෂින් ඒක ඉස්සරහට වෙලා මොනිටරේ දිහාම බලාගෙන හිටිය මිසක් කරපු වැඩකුත් නෑ. ඔන්න ඔහොම ඉන්න අතරේ අම්මා කාමරේට ආව.
එහා ගෙදර සීයට මොනවද ගෙන්න ගන්න ඕන වෙලා ගේට්ටුව ලග ඉන්නවා, ගිහින් ඒක ගෙනත් දෙන්න. දවසෙම ඔතන නේ?
බෑ කියන්නත් බෑ. හිතින් සීයට බැන බැන ඇදුමකුත් දා ගෙන ගේට්ටුව ලගට ගියා. මල පැනලා ගියාට මොකද සීය දැක්කාම මම දත් තිස් දෙකම එලියට දාල හිනා වෙලා

ආ සීයේ මොකෝ කේස් එක? කියල ඇහුවා.

අනේ පුතේ කඩේට ගිහින් සිකරට් එකක් ගෙනත් දෙන්න ,

සීය කියපි. මැදෑ කොලා…පුදන කොටම කාපි යකා.
යකෝ ගමේ ඉන්න බෝ පැලේ මම. කොච්චර නිවිලද කියනවා නම්,අම්මලා එක්ක යන ගෑනු ළමයි  පාරේ යද්දී අම්මල කියනවලු,
“අර බලපන් අර දරුවා පාරේ යන හැටි, හරි හැදිච්ච කොල්ලා… කෙල්ලෙක් වෙලත් උඹගේ කිට්ටුවෙන් තියන්න පුලුවන්ද? උඹලට තියෙන්නේ මර විසේනේ, අනේ හරි හැදිච්ච සීදේවි කොල්ලා”
ඔහොම කියල කෙල්ලෝන්ට බනිනවලු අම්මල. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. මම ඒ තරමට නිවිලා, හැදිලා. (ගමේ විතරයි)ඒවා වැඩක් නෑ. මොකක් උනත් කඩේ නම් තියෙන්නේ පේන දුරින්. කඩේ ඇන්ටි හරි හොදයි. දුවෙකුත් ඉන්නවා. ඒක නිසා ඒ කඩෙන්නම් කොහොමවත් මේවා ගන්න බෑ. ඕව කල්පනා කරන අතරේ සීය මට සල්ලි දුන්නා. දුන්නට වඩා හොදයි නොදුන්න නම්. පොඩි සල්ලි ලෝඩ් එකක්. ඔය ටිකත් අතේ ගුලි කරගෙන මගේ කොරොල්ලා ප්‍රාඩෝ එකෙන් ගමන යන්න පිටත් උනා. (මගේ බයිසිකලෙන්, මම කියන්නේ එහෙමයි)
ඇන්ටිගේ කඩේ තියෙන්නේ වම් පැත්තේ, තව කඩයක් තියනවා දකුණු පැත්තේ. ඇන්ටිගේ කඩේ ලගටම ගියා. දු ඉන්නව කඩේ ඉස්සරහා. අනේ ඒ හිනාවට හිත ඇදීල යනවා. මාත් ඇදීලා යනවා. කොහොම හරි ප්‍රේමණීය හිනාවක්‌ දාල ආපහු කොරොල්ලා ප්‍රාඩෝ එක හරව ගත්තා. ඒකි හිතන්න ඇති ඒකි බලන්න ආව කියල. අනේ ඉතින් එහෙම හිතුවත් මොකෝ….
දැන් මොනා කොරන්නද අන්කල් කාරයාගේ කඩේ දිහාවට වාහනේ අරන් මනෝ පාරක් ගහගෙන යනකොටයි මතක් උනේ කඩේ අන්කල් කාරයා තාත්තගේ හොද ෆිට් එක කියල. දැන් ඉතින් මොනව කරන්නද ඒ කඩේ පහු කරන ටික දුරක් යද්දී තව කඩයක් තියනවා. ඒ කඩේ ඉන්නේ අක්ක කෙනෙක්. අක්කා තමයි අක්කා. මම ඒත් කල්පනා කරේ මේකි හිතයි මම පන්සලේ පිං කැටේ කඩාගෙන සිකරට් බොන්න සල්ලි ගෙනාවද කියල. සිකරට් නොබොන එකෙක් සිකරට් එකක් ගන්න ගියාම උට තියන ප්‍රෂ්ණ මෙහෙම නම් මුල්ම වතාවට ඔයිං එකක් බොන එකෙකුට කොච්චර ප්‍රෂ්ණ ඇත්ද? කඩේ ලගටම ගියා.දැන් කඩේ ඉස්සරහා.
කඩේ සූ ගාල සෙනග (ඇන්ටිලා දෙන්නෙක් විතර ඉන්නවා.) ඒ අය බඩු ගන්නකම් මම පොඩි සල්ලි ටික අතට ගත්තා. පොඩි සල්ලි ටික ගණන් කරද්දියි තේරුනේ තියෙන්නේ රුපියල් 18යි කියල. රුපියල් 5ක් මදි මගේ ලගත් සල්ලි සත පහක් වත් නෑ. වැඩෙත් නෝන්ඩියි. කඩේ අක්කත් දෑක්කා මම එතන හුරුතල් වෙනවා. මොනව කරන්නද ඉතින්, ලැජ්ජාව සාක්කුවෙන් එකයි. යන්තම් ගෙදර යන ගමන් පාරේ ඉදපු කොල්ලෙක්ගෙන් රුපියල් 5ක් ඉල්ල ගත්තා. දැන් ආපහු කලින් කඩ වලට යන්න බෑ. පහු කරගෙන ගියපු කඩ ඔක්කොම පහු කරන් වෙන කඩයක් හොයන් ගියා. යන්තම් කඩයක් අහු වුනා. වාහනේ පාක් කරලා කඩේට ගියා. එතනත් ගෑනු පරානයක්. පරානයක් කිව්වට ඇන්ටි කෙනෙක්. මම ඉතින් පොඩි සල්ලි ටික කැෂියර් එකට හලලා බ්රෑ න්ඩ් එක කියල සිකරට් එකක් ඉල්ලුවා.නැන්දා අමුතුවට මගේ මුණ බැලුවා. ඊට පස්සේ නැන්දා කියපි…

අනේ කොන්ඩේත් කපලා….. මේ පුතා මගේම පුතෙක් වගේ. කොහොමද පුතේ උබේ මුණ බලාගෙන මම මේවා උබට දෙන්නේ?

මට අසූ හාරදාහට මළ. යකෝ අහක යන ටින් ඇවිත් අපේ ඔලුව උඩ නැමෙන හැටි. නොදකින්.

”මුණ බලාගෙන බැරිනම් වහලේ තියන උළු ටික හරි දිහා බලං ඔන්න ඕක දෙන්න නැන්දේ.මට නෙමෙයි.”

ඔය වයසට ඔහොම නොමග යනවා තමයි දරුවෝ උනාම. ඒත් ඉතින්…

අනේ නැන්දේ මේ මගෙ යකා අව්ස්ස ගන් නැතුව ඔය මගුල මට දෙනවද?
ආ ආ මෙන්න… කියල යන්තම් නැන්දා සිකරට් එක දුන්නා. මම පරිස්සමින් ඒක අරන් ගිහින් සීයට දුන්නා. සිකරට් එක අතට ගන්න ගමන් සීය කියනවා
“මට නෙමෙයි පුතේ මේ ගෙදර පේන්ට් කරන මිනිහට”

උට සිකරට් පොවන්න මම නැහුනු තරමක්.

0 comments:

Post a Comment