හැමදාම සොෆ්ට්වෙයා ගැන ලියලා එපා වෙලා දැන්. ඔන්න අද කතාවක් ලියනවා. මේක උපුටා ගැනීමක්. මට පොතයි ලේඛකයගෙ නමයි නම් මතක නෑ.
තිරුවා නම් ගැමියෙක් රජ වාසල සේවය කලේය. තිරුවාගේ බිරිද හොද අංගපුලාව ඇති කාන්තාවකි. රජතුමාගේ සිත ඈ කෙරෙහි ඇදී ගියේය. රජතුමා කලින් කලට තිරුවා කොහේ හරි යවා ඔහුගේ බිරිද හමුවන්නට ගියේය. දවසක් රජතුමා තිරුවා අමතා “අඹගමු ගිහින් වරෙන් ” යැයි නියෝග කලේය. රජතුමාගේ යටි අදහස දැනගත් තිරුවා අඹගමු යන ව්‍යාජයෙන් පිටත්ව ගොස් තම ගෙදරට අවුත් බිරිදට හොරෙන් තම ගෙදර දොර මුල්ලේ සැගවුණේය. රජතුමා පුරුදු පරිදි තිරුවාගෙ ගෙදරට අවුත් දොරට ගසමින් මෙසේ කීවේය.
“ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත
තිරුව මෙමම් අඹගමුවට යවා ඇත
බොරුව කියා තී රවටනුවයි නො සිත
හරුව දොර මෙපුර මහරජ මමයි කත”
එහෙත් ඊට පිළීතුරු ලැබුණේ බිරිදගෙන් නොව තිරුවාගෙන්ය.
“ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් ඇත
ඔරුව එතත් නොඑතත් මට කමක් නැත
කෙරුව හරිද රජතුමනුත් රැවටී ගත
තිරුව මමයි මම අඹගමු ගියේ නැත”
තිරුවා අප හිතන තරම් තකතීරුවෙකු නොවන බව මින් පැහැදිලිය. කෙසේ හෝ එදා සිට “තිරුවා අඹගමු ගියා වගේ” යන කතාව ඇති විය.
හොදයිනේ කතාව? මේ වගේ කතා ගොඩක් තියෙනවා. බලමු කමෙන්ට් Like කොහොමද කියලා. හොද උනොත් තවත් ලියනවා.
0 comments:
Post a Comment