Saturday, February 9, 2013

කොකා කෝලා තියෙන්නේ බොන්නද? ටොයිලට් හෝදන්නද?


මේ අලුත් බ්ලොග් එකේ ලියන පලවෙනි පෝස්ට් එක තමයි මේ.coca cola (කොකා කෝලා) කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්. මොකද මේයාලා මේ බීම මිනිස්සුන්ට පොවන්න ලස්සන ලස්සන දැන්වීම් ගොඩක් නිර්මාණය කරනවා. ඉස්සරම නම් මමත් බොන්න ආස නෑ. උගුර පිච්චිලා යනවා. ඒත් ටික ටික ටියුෂන් ක්ලාස් යන දවස් වල බොන්න පුරුදු උනා. මුකුත් නෙමෙයි කොකා කෝලා. මොකද අපි කෑම කන කඩේ ප්ලේන්ටි අනිත් බීම වර්ගත් නෑ. තියෙන්නේ ඔය ජරාවයි වතුරයි විතරයි. පස්සේ ඕක නැතුවම බැරි වෙනවා. අනිවාර්යෙන් මොනව හරි කනව නම් කෝක් බොනවමයි.වෙන දේවල් තිබුනත් බොනවා.

               මතකද ඇඩ් එකක් තියනවා කෝක් නැතුව කෑම එපා කියලා. මාකටින් වල පොඩි නියායක් තියනවා එකම දේ මිනිහෙක් දහ පාරකට වඩා ඇහුනොත්, දැක්කොත් ඒ දේ ඒ කෙනාගේ යටි හිතේ තැන්පත් වෙලා අවශ්‍ය වෙලාවට නොහිතාම මතු වෙනව කියලා. කොකා කෝලා කොම්පැනිය අපිට කොකා කෝලා පොවන්න යොදා ගන්නනෙත් ඔය තියරිය. එයාලා අපේ ලෝක පූජිත ක්‍රිකට් තරු දෙකක් සල්ලි වලට ගන්නවා, ඇඩ් එකක් හදනවා, අපිත් ඕක ආසාවෙන් බලනවා, බැලුවෙ නැතත් බැලෙනවා. ක්‍රිකට් තරු වැරදියි කියන්නත් බෑ. ඒත් අපි වගේම මිනිස්සු. ඒත් මේ වගේ දැන්වීමකට පෙනී ඉන්න කලින් දෙපාරක් හිතන එක වැදගත්. කොහොමහරි කමක් නෑ අපිට බෑ නේ සංගක්කාරට කියන්න ඔය ඇඩ් එකට ඉන්න එපා කියලා.
                 
                    මෙන්න බලන්න ඒ මහා වටිනා පානයෙන් කරන්න පුලුවන් දේවල්. ඔයාගේ බඩ ඇතුලෙත් මේ ක්‍රියාවලියන් මේ විදියටම වෙනවා. ඇමරිකාවේ නම් කෝක් තහනම් කරලා කියලත් කතාවක් තියනවා. මේ වීඩියෝ ටිකත් බලලා පිළිකාවක් එහෙම හදා ගන්න ඕන නම්, ඇගේ අස්ති ටික විනාස කරගන්න ඕන නම්, අපේ භාෂාවෙන් කියනව නම් කලින් මැරෙන්න ඕන නම් කෝක් බිව්වට කමක් නෑ. 

             ඔය පිට රට උන්ට සල්ලි පුදලා ලෙඩ බෝ කරගන්නේ නැතිව අපේ දේශීය දේවල් බොන්න. පිරිසිදු වතුර ඇති තරම් තියනවා අපේ රටේ. තැඹිලි, කුරුම්බා වගේ දෙයක් බොන්න පුරුදු වෙමු....
එහෙනම් මෙන්න වීඩියෝ... මට නම් ේව දැක්කම ෝක් එපාම උනා. දැන් දන්න එකෙකුටවත් ොන්න දෙන්ේ නෑ මම නම්.

ටොයිලට් හෝදන්න හාපික් ඕන නෑ. 



මේ තවත් පිරිසිදු කිරීම.



මේ තියෙන්නේ වාහනයක බැට්රියක් පිරිසිදු කරන්න යොදා ගන්න අවස්ථාවක්. 


 
මේ තියෙන්නේ ඉන්දියාවේ කෘමි නාශකයක් විදියට ‍කොකා කෝලා යොදා ගන්න අවස්ථාවක්. 



ඔයාම තීරණය කරන්න කොකා කෝලා තවත් බොනවද? නැද්ද? කියන එක. ඒ වේම ෝස්ට් එක, වීඩිෝ යාලුො එකබෙදා ගන්න.   අලුත් දෙයක් එක්ක නැවත හමුවෙමු...!

0 comments:

Post a Comment