Monday, November 26, 2012

ඔපෙරා මිනි බ්‍රව්සරයෙන් නියම ප්‍රයෝජන ගන්නෙ මෙහෙමයි.



4න් එකෙන් ඉන්ටනෙට් යන අයට තියන ගොඩක් ප්‍රෂ්න වලට උත්තර ඔපෙරා මිනි වෙබ් බ්‍රව්සර් එකෙන් විසදෙනවා. නමුත් ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නෑ. දන්න අය කියල දෙන්නෙත් බොහොම හදිස්සියෙන්. එහෙම අයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. මොකද එහෙම අය නැති වෙන්න මට අද මේ පෝස්ට් එක දාන්න වෙන්නේත් නෑ. දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදා ගත්තා කියලා දන්න කෙනාගෙන් මොනවත් අඩු වෙන්නේ නෑ.  හරි හරි දැන් ඒ කතාව නවත්තලා වැඩේට බහිමු.

1). ඹයාගෙ phone එකෙන් සිංහල read කරන විදිය.

* මුලින්ම opera mini open කර ගන්න
*  එකෙ address එක ගහන තැන " www. " නැතුව opera:config යනුවෙන් type කරලා enter කරන්න,
* ඉන්පසු open වෙන page එකෙ පහලම තියෙන font පිලිබද tab එකෙ yes/no වලින් yes යන්න දෙන්න,
* ඉන්පසු පහලම තියෙන save button එක click කර save කර ගන්න,
2). 4න් එකෙන් ලොග් වෙනකොට ෆේස්බුක් හෝම් පේජ් එක කම්පියුටර් එකේ හෝම් පේජ් එක වගේ පෙනෙන විදියට සාදා ගැනීම..

* මුලින්ම ඔපෙරා එකෙ හෝම් පේජ් එකට යන්න්න,යන විදිය දන්නවනේ # එක ඔබලා

අන්ක 4 ඔබන්න..

* ඊට පස්සේ ඇඩ්‍රස් බාර් (#>1) එකේ www.facebook.com/home.php කියලා කොටලා ගෝ ටූ කරන්න. දැන් ෆේස්බුක්

හෝම් පේජ් එක ඩෙස්ක්ටොප් වර්ශන් එකෙන්ම බලාගන්න පුලුවන් (නේ)

*ඒ විදියට ලෝඩ් උනේ නැත්තම් අන්ක1 ඔබලා එකේ තියනව මොබයිල් විව් කියලා ,,එකේ

තියන හරි ලකුන අයින් කරන්න,එතකොට ඔටෝම ඩෙස්ක්ටොප් හොමෙ පෙජ් එකට යාවී...

-----------------------------------------------------------------------

3).ෆෝන් එකෙන් එෆ්.බී ලොග් වෙලා ඉන්න වෙලාවට ඔපෙරා එකෙන්ම ඔන්ලයින් ඉන්න යාලුවො බලා ගැනීම හා චැට් කිරීම...

(සාමාන්යෙන් ෆෝන් එකෙන්, ඔන් ලයින් ඉන්න යාලුවෝ බලාගන්න ඊ බඩී වගේ ඇප් එකක් තියෙන්න ඕනිනේ.එත් ඔපෙරා එකෙන්ම ඒක කරන්න පුලුවන්)

* ඔපෙරා එකේ බුක්මාර්ක් ඇඩ් කරගන්න පේජ් එකට යන්න (#< 2) * ඒකෙ මැනේජ් > ඇඩ් ගිහින් අලුත් බුක්මාර්ක් එකක් හදා ගන්න තැනට යන්න..

* එකේ නේම් එකට ඔයාල කැමති නේම් එකක් දාගන්න.ඒත් ඇඩ්‍රස් එකනම් යට තියන එක

හරියටම දගන්න.

** මෙන්න ඇඩ්‍රස් එක http://touch.facebook.com/buddylist.php?refid=13&_ft_=src.24%3Asty.308%3Aactrs.100002947045005%3Apub_time.1338390920%3Afbid.418260458197429%3As_obj.4%As_edge.1%3As_prnt.11%3Aft_story_name.StreamStoryGroupMallPost%3Aobject_id.300944519929024

* දැන් ඒක සේව් කරගන්න (කැමතිනම් ස්පීඩ් ඩයල් වලට දාගන්න ,එතකොට ලේසියි උදා: අන්ක 9 ට ස්පීඩ්ඩයල් දාගත්තොත් * > 9 ඔබපුවාම ලෝඩ් වෙනවා)

------------------------------------------------------------------------------------------------------------------------------------------

4). ඔපෙරා එකෙන්ම සින්හල කෙටීම

(ඔපෙරා එකෙන් සින්හල අකුරු බලාගන්න විදිහ හැමෝම දන්නව ඇති කියලා හිතනවා, ඒ හින්දා ඒක කියන්න ඕනි නැනේ..)

• කලින් විදිහටම බුක්මාර්ක් එකක් හදන තැනට ගිහින් කැමති නමක් දාගෙන යට තියන ඇඩ්‍රස් එක දාගෙන සේව් කරගන්න

** http://ekclub.tk/singlish/

*සින්ග්ලිශ් කැමති දෙයක් කොටලා කන්වර්ට් කරන්න..ඊට පස්සේ එන සින්හල උනිකේත

ටික කොපි කරලා කැමති තැනක පේස්ට් කරන්න (උදා : කමෙන්ට් එකක් විදිහට)

-----------------------------------------------------------------------

5). මධුර ශබ්ධකෝෂය

මේකෙන් සිංහල වචන වල තේරුම ඉන්ග්‍රීසියෙනුත් ,ඉන්ග්‍රීසි වචන වල තේරුම සිංහලනුත් බලා ගන්න පුලුවන්....

http://www.maduraonline.com/?find=DICTIONARY

-----------------------------------------------------------------------

6).ඊබඩී සහ නිම්බස්ස් ඔපෙරාමිනියෙන්ම...

4න් එකෙන් එකපාර ඇප් 2ක් රන් කරන්න බෑනෙ,ඒතකොට ඔපෙරාමිනියෙන් එෆ්බි ලොග් උනොත් ඊබඩි නෑ,ඊබඩි ලොග් උනොත් එෆ්.බි නෑ,

ඒකට මෙන්න හොඳම විසඳුමක් ,

ඔපෙරා මිනි එකෙන්ම ඊබඩී සහ නිම්බස්ස් වලට ලොග් වෙලා චැට් කරන විදිහ තමා මේ...

* මෙන්න ඊබඩී එකේ ලින්ක් එක

http://lite.ebuddy.com/?network=FBCONNECT

* මෙන්න නිම්බස්ස් එකේ

http://wap.nimbuzz.com/wap/

තවත් වැදගත් ලිපියකින් හමුවෙමු එහෙනම්.. ජයවේවා...!

0 comments:

Post a Comment